මහනුවර - වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව නායයාම් අවදානම් ප්‍රදේශය නිරීක්ෂණය කිරීම.

Nuwareliya visit 2020-20-01-002019 වර්ෂයේ දී නායයාමට ලක්වූ මහනුවර-වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව ප්‍රදේශය තවදුරටත් නායයාම් අධි අවදානම් කලාපයක් මෙන්ම සක්‍රිය වු නායයාම් තත්වයක් සහිත කලාපයක් වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය විසින් නම්කර ඇත. එබැවින් වර්ෂා කාලයේ දී ඇතිවිය හැකි අවදානම තත්වය අවම කර ගනිමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා බොහෝ අවස්ථාවල මහනුවර-වලපනේ මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරේ.

පවතින නායයාම් අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වලපනේ ප්‍රාදේශීය ලේකම් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර-වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව ප්‍රදේශය නිරීක්ෂණ කරන ලදී.

Nuwareliya visit 2020-20-01 6Nuwareliya visit 2020-20-01 7Nuwareliya visit 2020-20-01 10

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052