ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය.

Gampola arny 2020 -1ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් පාඨමාලාවේ අංගයක් වශයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදවත් හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදවත් සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගිග දැනුම ලබාගැනීමේ අරමුණින් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වර්තමානයේ රට මුහුණ දී ඇති දරුණුතම ත්‍රස්තවාදය ආපදා බවත් එය පරාජය කිරීම සදහා සියලු පියවර ගනිමින් සිටින බවත් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ සෙවීම් සහ මුදවා ගැනීම් සිදුකිරීමේ දී ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වෙත ඇති වගකීම නියමාකාරයෙන් වටහා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

රට තුළ පවතින කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුගමන කරමින් ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් සිද්ධාන්තික සහ ප්‍රායෝගිකව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවක් කිරීමට කටයුතු කෙරිණි. 

Gampola arny 2020 -2Gampola arny 2020 -3Gampola arny 2020 -6

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052