ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්.

Bad weather bay of bengolදිවයිනට ගිණිකොණ දිග බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුළ මෙම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වාත් ඉදිරි පැය 48 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) දින නිවේදනය කර ඇත.

මෙම අඩුපීඩන පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින වනවිට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලගා වනු ඇති බව තවදුරටත් බලාපොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

 

මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ක්ෂණිකව පැයට කිලෝමීයර් 70 ක් 80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත. එහෙයින් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙස දැනුම් දී ඇත. එසේමබ දැනට මෙම ප්‍රෙද්ශවලින් මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට පැමිණෙන ලෙසත් ධීවර ජනතාවට දැනුම් දේ.

මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල රළ මට්ටම මීටර් 02 සිට මීටර 03 ක් දක්වා ඉහළ යාමේ හැකියාක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

එසේම පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුත කරන ලෙසත් දැනුම් දේ.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079