හදිසි අනතුරු ඇඟවීම්

rss

ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා.

DG 2020ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යන තනතුරුවල රාජකාරී ආවරණය කිරීම සදහා පත්කර ඇත.

ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට අමතරව මෙම තනතුරු සදහා පත් කර ඇති අතර අද දින (12) නව තනතුරේ රාජකාරී අරඹමින් ආපදා කළමනාකරණ අංශයේ ඉදිරි සැළසුම් පිළිබදව ආයතන ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග සකච්ඡා කරන ලදී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (සැළසුම්) ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052