අභ්‍යන්තර ආරක්ෂාව ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගිය දා ආපදා කළමනාකරණ අංශය නිරීක්ෂණය

Minister Visit 2020අභ්‍යන්තර ආරක්ෂාව ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගිය දා ආපදා කළමනාකරණ අංශය නිරීක්ෂණය කරන ලද අතර කළමනාකරණ මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කරන ලදී. ආපදා කළමනාකරණ අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ආයතනවල ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබද අමාත්‍යතුමා දැනුවත් කරන ලදී.

සුනාමි ව්‍යසනයෙන් පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආපදා කළමනාකරණ පනත ආපදා කළමනාකරණය ක්‍රියාවලිය තුළ වර්තමානයේ පවතින සංකීර්ණත්වයට ගැළපෙන ආකාරයෙන් සංශෝධනය කිරීමත් ව්‍යසන කළමනාකරණය පිළිබද ජාතික සභාව සක්‍රීය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යතුමා මේ අවස්ථාවේ ද පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අභ්‍යන්තර ආරක්ෂාව ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052