ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන රාජ්‍ය නිළධාරීන්ගේ අවදානම් කළමනාකරණ පිළිබද පුහුණු පාඨමාලාවක්.

SLIDA Training Course 2020-09-02-05ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැසසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය දා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී පැවැත් විය.

ආපදා අවදානම් කළමනාකරණ සංකල්ප, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම් සකස්කිරීම, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, අන්තර් ජාතික මානුෂීය ආධාර, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි ආපදා සහ එහි බලපෑම, ගංවතුර ආපදා කළමනාකරණය, නායයෑම් ආපදා අවදානම් කළමනාකරණය, භූකම්පන අවදානම් කළමනාකරණ, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ආපදා සහන සේවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය, ප්‍රජා මුලික ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි ආපදා තත්වයක දී මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සහ ඒ සදහා පවතින ජාත්‍යන්තර ප්‍රමිති, ආපදා අවස්ථාවක දී මෘත ශරීර කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.

 

අදියර කීපයක් යටතේ පැවැත්වෙන මෙම වැඩ සටහනේ පළමු වැඩසටහන සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වල රාජකාරී ඉටු කරන නිළධාරීන්, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් පිරිසක් සහභාගී වු අතර දෙවන අදියරය ඔත්තෝබර් මස පැවැත්වීමට සැළසුම් කර ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේඅධ්‍යක්ෂ ජෙනරාල්කේ.එම්.එස්.ඩී ජයසේකර, ලෝක ආහාර සංවිධානයේ නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියා බෙරාර්ඩෝ (Andrea Berardo) ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052