බුත්තල පිහිටි නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය පුහුණු නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.

student in Buthtala OCDC visit to dmcබුත්තල පිහිටි නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ  ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (07) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 නිරීක්ෂණ චාරිකාව තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන පළමු සැසියට ඇතුලත් වු අතර ඉන් අනතුරුව හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම සිදු කෙරිනි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, අධ්‍යක්ෂ දැනුවත් කිරීම් සුගත් දිසානායක, අධ්‍යක්ෂ හදිසි මෙහෙයුම් බ්‍රිගේඩියර් එච්.ඩී.කේ හෙයියන්තුඩුව ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරූප විස්තරයක් https://www.facebook.com/dmc.gov.lk/photos/pcb.1821137304708652/1821134761375573/ හි පළ කර ඇත.

 

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079