අත්තනගලු ඔය ද්‍රෝනියට ගංවතුර අවදානමක් 

Flood warningඊයේ දින රාත්‍රී අත්තනගලු ඔය ද්‍රෝනියේ ඉහළ ජලාධාර ප්‍රදේශයට ඇදහැලුනු තද වර්ෂාව හේතුවෙන් ඉහළ ධාරා ප්‍රදේශයේ සමහර ස්ථාන සුලු ගංවතුර තත්වයක් වාර්තාවන බවත් වර්ෂාපතනය පහව ගොස් පැවතිය දඉහළ ද්‍රෝනියේ ජලය පහළට ගලා ඒම හේතුවෙන් අද (7) රාත්‍රිය වන විට පහළ ද්‍රෝණියේ ඇතැම් පහත් බිම් ප්‍රදේශවල සුලු ගංවතුර තත්වයක් වාර්තාවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. 

විශේෂයෙන්ම ගම්පහ - ජාඇල මාර්ගය සහ කිරිදිවිට - ගනේමුල්ල මාර්ගයත් කිරිදිවිට අවට පහත්බිම් ද ජලයෙන් යට විය හැකි බවත් අද දින රාත්‍රියේ ද යම් වර්ෂාවක් ඇතිවුව හොත් මෙම තත්වයේ වැඩි්වීමක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත. 

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම්වල ජනතාවට දැනුම් දේ. එසේම පවතින තත්වය හමුවේ ඇතිවිය හැකි අවදානම් තත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙසත්  ඇතිවිය හැකි ආපදා පිළිබදව දැන ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052