දිවයිනේ පවතින වැසි සහ සුළං  තත්වය තරමක වැඩිවීමක්
 
wind1දිවයිනේ පවතින වැසි සහ සුළං  තත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (05)නිවේදනය කර ඇත.
 
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම  සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම  යන දිස්ත්‍රික්කවලට මිලි මීටර 100 ඉක්මවු වර්ෂාපතනයක් ලැබිය හැකි බව එම නිවේදනයේ සදහන් වේ. දිවයින හරහා හමා යන  සුළගේ වේගය පැයට කිලෝමීටර්  50-60 ක් දක්වා වැඩිවිය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
අපේක්ෂිත මට්ටමේ වර්ෂාවක් ඇති වුව හොත් නායයාම් අවදානම් ප්‍රදේශවල  නායයාම, පස්කන්ඩි කඩාවැටීම, ගංවතුර අවදානම් ප්‍රදේශවලට ගංවතුර අවදානම තත්වයක් උද්ගත වීම මෙන්ම දැඩි සුළං තත්වයක් හේතුවෙන්  ගස් ඉදිරීයාම, ගස් අතු කඩාවැටීම සහ විදුලි රැහැන් කැඩීයාම නිසා අනතුරු ඇතිවිය හැකි බවත්  මෙම නිවේදනයයේ සදහන් වේ.
 
එසේම කදුකර අවදානම් ප්‍රදේශවල මාර්ග භාවිතා කිරීමේ දී මේ පිළිබදව සැලකිලමත් විය යුතු අතර අකුණු අනතරු අවම කර ගැනීම සදහා ජනතාව කටයුතු වේ.  
 
පවතින තත්වය හමුවේ ඇතිවිය හැකි අවදානම් තත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙසත්  ඇතිවිය හැකි ආපදා පිළිබදව දැන ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079