අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්න.

heatදෘශ්‍ය සුර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් 08 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කරයි. මේ නිසා දිවයිනේ බොහෝ පළාත්වලට උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වේ.මෙම කාල සීමාව තුළ අධික හිරැ රෂ්මිය නිසා ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්වයට පත්වීම සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය ඇතිවිය හැකි ය. එසේම ළමුන් අධික උෂ්ණත්වයේ ක්‍රීඩාකිරීම වැනි උෂ්ණත්වයට නිරාවරණය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකය.

එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052