2020 අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය රැස්වීම.

PROGEASSE

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් අර්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අදියර 04 ක් යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොවිඩ් 19 ව්‍යයසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ආයතනික කටයුතු පවත්වාගෙන යාම නිසා දිස්ත්‍රික් අර්ධවාර්ෂික ප්‍රගති සමාලෝචනය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත අදියර 04 ක් යටතේ පැවැත්වීමට කටයුතු කරන ලදී.

කොවිඩ් 19 ව්‍යසන තත්වය තුළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබදව සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ එ්කක විසින් ආපදා අවදානම් අවම කිරීම සදහා ඉටුකර ඇති කාර්ය භාරය සහ ඔවුන් මුහුණ පාන ගැටලු සහ ප්‍රාදේශීය වශයෙන් පවතින අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී.

ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා කටයුතු කළ යුතු ආකාරය පිළිබදව සහ මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරදීම සදහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳවත් ඉදිරි වර්ෂයේ දී ආපදා අවදානම අවම කිරීම සදහා අවශ්‍ය ව්‍යාපෘති හදුනාගැනීම පිළිබදවත් අධ්‍යක්ෂ ජානරාල් ජෙනරාල්තුමා දිස්ත්‍රික් ඒකක වෙත උපදෙස් ලබා දෙන ලදී.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂවරුන් ඇතුලු නිළධාරීන් මෙන්ම දිස්ත්‍රික් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මේ සඳහා සහභාගී විය.


Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079