අකුණු අනතරු වළක්වා ගැනීම පිළිබදව බදුල්ල දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

Badulla Awareness programme ontundering

අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම ජනතාවගේ දැනුම ඉතා අඩු මට්ටමක පැවතීම නිසා අකුණු අනතුරුවලට ලක්වීමේ ප්‍රවනතාවක් පවතින බව ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී අනාවරණය වීම හේතුවෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම පිලිබඳව තැටිල්ල ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දැනුවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් පසුගිය දා (09) කටයුතු කරන ලදී.

බදුල්ල දිස්ත්‍රික්කයේ අකුණු අනතුරු වලින් සිදුවන හානිය වාර්ෂිකව වර්ධනය වෙමින් පවතින අතර අකුණු අනතුරු පිළිබදව ලැබී ඇති පැමිණිලි අනුව කන්දකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තැටිල්ල ග්‍රාම නිලධාරී වසමේ පසුගිය වසර 05ක් තුළ වැඩි වශයෙන් සිදුවී ඇති බවට පැමිණිලි ලැබී ඇත. මෙම පැමිණිලි සළකා බැලීම සදහා බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් 2020.06.30 වන දින සිදු කරන ලදි. මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු අකුණු අනතරු පිළිබදව දිස්ත්‍රික්යේ ජනතාව දැනුවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරනු ලැබේ.

එසේම මේ දිනවල සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කර ඇත. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු වළක්වා ගැනීම සදහා එළිමහනේ හෝ ගස් යට සිටීමෙන් වැළකීම, ආරක්ෂිත ගොඩනැගිල්ලකට හෝ සංවෘත වාහනයකට ගොස් ආරක්ෂිතව රැදී සිටීම, කුඹුරු තේවතු, ක්‍රිඩාපිටි හෝ හේන්, වැව්පිට්ටනි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී නොසිටීම, රැහැන් සහිත දුරකථන, විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටිම, එසේම විදුලි උපකරණ පේනු වලින් ගලවා ඉවත් කිරීම, බයිසිකල් ට්‍රැක්ටර්, යතුරු පැදි හෝ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්ෂිත පියවර අකුණු අනතුරු අවම කර ගැනීම සදහාඅනුගමනය කිරීම වැදගත් වේ.

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052