දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක

Rainy dayදිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (09) නිවේදනය කර ඇත.

සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු සහ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.

විශේෂයෙන් නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සදහා තරමක අවදානමක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු වළක්වා ගැනීම සදහා එළිමහනේ හෝ ගස් යට සිටීමෙන් වළකින ලෙසත්, ආරක්ෂිත ගොඩනැගිල්ලකට හෝ සංවෘත වාහනයකට ගොස් ආරක්ෂිතව රැදී සිටින ලෙසත්, කුඹුරු තේවතු, ක්‍රිඩාපිටි හෝ හේන්, වැව්පිට්ටනි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී නොසිටීමත්, රැහැන් සහිත දුරකථන, විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටිමටත් එසේම විදුලි උපකරණ පේනු වලින් ගලවා ඉවත් කිරීමටත්, බයිසිකල් ට්‍රැක්ටර්, යතුරු පැදි හෝ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

එසේම අවදානම් සහිත ගස් සහ ගස් අතු කපා ඉවත් කිරීමත්, ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සදහා කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ.

එසේම පවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.

මේ පිළිබද වැඩි විස්තර සදහා www.dmc.gov.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052