සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම්වල දීභාවිතා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ආධාර.

UNDP-Donation 2020නිරිත දිග මෝසම් වර්ෂාව නිසාඇති විය හැකි ආපදාවල බලපෑමට ලක්වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබ වැඩි අවධානයක් යොමු කීරීමට කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ මෙවර සිදු වී ඇත. එහෙයින් ආපදාවට ලක්විය හැකි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා සහයෝගය ලබාදීමේ වැදගත් කම පිළිබව පාර්වශකාර ආයතන වල අවධානය යොමු කරවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම් සදහා භාවිතා කිරීමට අවශ්‍ය ශල්‍ය මුහුණු ආවරණ 10,000 ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන 30 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේනියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එපෙන්දි (Faiza Effendi) මහත්මිය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා වෙත පසුගිය දා භාර දෙන ලදී.

නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවල බලපෑමට ලක්වන ප්‍රදේශයන්හි මහජනතාව ගේ ජීවත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය උපදෙස් මාලා සහ මහ ජනතාව දැනුවත් කිරීම සදහා අවශ්‍ය පෝස්ටර්, අත්පත්‍රිකා, ආපදා අවදානම් හදුනාගැනීම සදහා ස්ටිකර් ආදිය මේ වන විටත් බෙදා හැර ඇති බවත් ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් පෙන්වා දෙන ලදී.

එසේම ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථාන ගත කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් සියලු දිස්ත්‍රික්කවල මේ වන විට මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණය කර ගැනීම සදහා කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කටිමු රැස්කර අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ඇති බවත් පවසන ලදී.

ශ්‍රී ලංකාවේ ආපදා අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රය සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් තවදුරටත් මෙම ක්ෂේත්‍රය සදහා අවශ්‍ය මුල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේනියෝජ්‍ය නේවාසික නියෝජිතවරිය විසින් පෙන්වා දෙන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන තාක්ෂණික උපදේශක බුද්ධික හපුආරච්චි, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

ඡායාරූප විස්තර සදහා https://www.facebook.com/dmc.gov.lk/ පිවිසෙන්න.

 

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052