ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන වල ප්‍රධානීන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී ඊයේ දීන (27) පැවැත් විණි.

 

ආපදා කළමනාකරණ අංශයේ ආයතන වල 2020 වර්ෂය තුළ නියමිත කාර්ය සාධනය ලගා කර ගැනීමේ දී මුහුණ පා ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් ලේකම්තුමා නියම්ත කාල රාමුව තුළ අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා කටයුතු කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අවධාරණය කරන ලදී.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052