නිරිත දිග මෝසම් ආපදා පෙර සූදානම් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

rathnapura monsoon meeting 20202020 වර්ෂයේ නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තෙවැනි සතියේ ආරම්භවීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති අතර පසුගිය වසර කීපය තුළ මෙන් මෙවර ද නිරිත දිග මෝසම් සක්‍රිය වුවහොත් ගංවතුර නායයාම් සහ දැඩි සුළං ආදී ආපදා ඇතිවිය හැකිය. එසේම වර්තමානයේ රටේ පවතින කෝවිඩ් 19 ව්‍යසන තත්වය සමග නිරිත දිග මෝසම් සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් විය හැකිය. කෝවිඩ් 19 ව්‍යසන තත්වය සහ ඇදිරි නීති තත්වය සහ සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව ඇතිවිය හැකි ආපදා තත්වය තුළ කටයුතු කළ යුතු වේ.
එහෙයින් නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා නිසා මහජනතාවගේ ජීවිත සහ දේපළවලට සිදුවිය හැකි හානි අවම කරගැනීමට අදාල දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණය සදහා සම්බන්ධ පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම පිළිබදව සොයා බැලීමට අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් අදාල දිස්ත්‍රික් ඒකක වෙත උපදේස් ලබා දී ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය දා (30) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සහ රත්නපුර දිස්ත්‍රින් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලීසිය, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල ප්‍රධානීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් කෝවිඩ් 19 ව්‍යසන තත්වය සමග නිරිත දිග මෝසම් සක්‍රියවීම හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවදානම අවම කරගැනීම සදහා ඒ ඒ ආයතන විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආයතනික පෙරසූදානම් සැලසුම් පිළිබදව සාකච්ඡා කරන ලදී. 

මෙහි දී කෝවිඩ් 19 ව්‍යසන තත්වය නිසා පවතින වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ආපදාවක දී වඩාත් සාර්ථකව මුහුණ දීම සදහා ආයතනික පෙරසුදානම් සැළසුම් පිළිබදව දීර්ගව සාකච්ඡා කිරීමටත් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ සම්බන්ධීකරණ සැලසුම් පිළිබදවත් අධ්‍යක්ෂ ජනෙරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා විසින් සහභාගී වු පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදී.

රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ පෙර සුදානම්, අධ්‍යක්ෂ හදිසි මෙහෙයුම්, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ රත්නපුර දිස්ත්‍රික් සියලු ප්‍රාදේශීය ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079