කැලෑ ගිණි පාලනය කිරීමට ප්‍රතිචාර දැක්වීමට වැඩපිළිවළක්

Forest Fire 2020පවතින වියලි කාලගුණික තත්වය හමුවේ කැලෑගිණි ගැනීම් පාලනය කරීම, හදිසි ප්‍රතිචාර දැක්වීම, පෙරසුදානම සහ තාක්ෂණික ආයතනවල අදහස් ලබාගැනීම සදහා වු සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී ඊයේ දින (10) පැවැත්විනි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව පවතින වියලි කාලගුණ තත්වය හමුවේ මේ වර්ෂයේ මාර්තු මාසය වන විට වාර්තා වී ඇති කැලෑ ගිණි ගණන 51 කි. එසේම පිළිවලින් 2016 වර්ෂයේ 118 ක් 2017 වර්ෂයේ දී 70ක් සහ 2018 වර්ෂයේ දී 156 ක් 2019 වර්ෂයේ දී 171 ක් කැලැ ගිණි ගැනීම් සිද්ධි වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව වාර්තා වී ඇත. 2020 වර්කැෂයේ දී කැලෑ ගිණි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 196 ක් විනාශ වී ඇත. එසේම 2016 වර්ෂයේ දී 2,887 ක් ද 2017 වර්ෂයේ දී 479 ක් ද 2018 වර්ෂයේ දී 1,184 ක් ද 2019 වර්ෂයේ දී හෙක්ටයාර ‍1,068 ක භූමි ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත මගින් අනාවරණය වේ.

මෙම ගිණිගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවු ඒවා වන අතර හේන් ගොවිතැන් සදහා බිම් සකස් කිරීම, සත්ව පාලනය සදහා තෘණ දලුලෑම සදහා වියලි තණ බිම් ගිණිතැබීම, සතුන් දඩයම් කිරීම සදහා තෘණ වියලි කැලෑබද ප්‍රදේශ ගිණිතැබීම, සංචාරකයින් විසින් සිදුකරනු ලබන ගිනී තැබීම්, දුම් වැටි නියමාකාරයෙන් නිමීමකින් තොරව වියලි ප්‍රදේශවලට විසි කර දැමීම මෙන්ම මාර්ග දෙපස පවිත්‍ර කිරීම සදහා සිදු කරනු ලබන ගිණි තැබීම් හෝ මිනිසුන් හිතාමතාම සිදු කරනු ලබන ගිණි තැබීම් නිසා මෙම ගිනි ඇතිවී තිබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී.

එසේම මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් නෛතිකව දඩුවමට ලක් කළ හැකි බවත් යම් රක්ෂිත ප්‍රදේශයක් තුළ ගිණි දැල්වීම හෝ ගිනි පැතිරීමට ක්‍රියා කරීම 2009 අංක 65 දරණ කැලෑ සංශෝධන පනත අනුව වරදකරුවකු වන බවත් එවැනි වරදකට වසර හතකට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීමටත් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට ලක් කිරීමටත් හෝ මෙම දඩුවම් දෙකකටම යටත් කිරීමටත් හැකි අතර වනයට සිදු කරනු ලැබු හානිය අයකර ගැනීමටත් ප්‍රතිපාදන තිබෙන බව නිරීක්ෂණය විය.

පවතින වියලි කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හොත් මෙම තත්වය තවදුරටත් වැඩිවිය හැකි බැවින් ගිනි ගැනීම් වළක්වා ගැනීමට සහ ක්ෂණිත ප්‍රතිචාර දැක්වීම සදහා පවතින සම්බන්ධීකරණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, අවදානම් ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම, කැලැ ගිණි තබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකිරීම සහ මේ සදහා අවශ්‍ය නිරීක්ෂණ ක්‍රමවේදයක් සැකසීම පිළිබදව මෙහිදී අවධාරණය කරන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් දෙපාර්තමේන්තු නිළධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව දැක්වෙන ඡයාරූප ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන facebook පිටුවෙහි පළ කර ඇත.

https://www.facebook.com/pg/dmc.gov.lk/photos/?tab=album&album_id=1653485578140493

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052