සුනාමියට පෙරහුරුවක් ” උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.

School Tsunami drill 2020අම්පාර. මුලතිව්, යාපනය දිස්ත්‍රික්ක තුන පාදක කර ගනිමින් සුනාමි ආපදාවන් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වන පාසල් කිහිපයක් තෝරා ගනිමින් පාසල් සුනාමි පෙරහුරු වැඩසටහනක් පසුගිය දා පවත්වන ලදි.

මෙහිදි අම්පාර දිස්ත්‍රික්කයේ අල් මහීරා විද්‍යාලයේ ගුරු - සිසුන් 1,500 ක් පමණ හදිසි ඉවත් කිරිමක් සිදුකිරිමද, මුලතිව් දිස්ත්‍රික්කයේ කල්ලපාඩු විද්‍යාලයේ ගුරු - සිසු 800 ක් ආර්. සී. දෙමල මහාවිද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් සිදුකිරිම සහ යාපනය දිස්ත්‍රික්කයේ ශාන්ත මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ ගුරු - සිසුන් 2,000 ක් පමණ වඩමවාරච්චි හින්දු විද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් ද සිදුකරන ලදි. තෝරාගත් මෙම පාසල්වලට අමතරව වෙරළබඩ ආසන්නයේ තවත් පාසල් පහකා ගුරුවරුන් සහ සිසුන් කණ්ඩායම් ද සහභාගි කර ගන්නා ලදි.

ප්‍රාදේශීය සියළුම රාජ්‍ය ආයතන සහ රජයේ නොවන ආයතනවල සහභාගිත්වයෙන් සිදුකරන ලද මෙම අභ්‍යාසය සදහා සුනාමි ආපදාව පිළිබදව ප්‍රථමාධාර පිළිබදව මෙන්ම හදිසි අවස්ථාවකදි ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබදව පාසල් ප්‍රජාව දැනුවත් කරන ලද අතර සුනාමි ව්‍යසනයක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකිරීම මුලික අරමුණ විය.

හදිසි ආපදා තත්වයක දී කටයුතු කළ වුතු ආකාරය පිළිබදව විධිමත් ප්‍රායෝගීක පුහුණුවක් ලබාදීමට කටයුතු කිරීම සහ එවන් අවස්ථාවකදී සැලසුම් සහගතව ක්‍රමිකව තමන් විසින් ක්‍රියා කළ යුතු ආකාරය හා සාමුහිකව ආපදාවකදී ආරක්ෂිත ස්ථාන කරා යාම පුහුණු කිරීම සිදු කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වු මෙම පෙරහුරු වැඩසටහන සදහා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබාදුන් අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා අනෙකුත් රාජ්‍ය ආයතන මෙම පෙරහුරුව සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන පිළිබදව ඡායාරූප ආපදා කළමනාකරන මධ්‍යස්ථාන facebook පිටුවෙහි දක්වා ඇත.

https://www.facebook.com/pg/dmc.gov.lk/photos/?tab=album&album_id=1653487198140331

 

 

 

සුනාමියට පෙරහුරුවක් ” උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.

 

අම්පාර. මුලතිව්, යාපනය දිස්ත්‍රික්ක තුන පාදක කර ගනිමින් සුනාමි ආපදාවන් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වන පාසල් කිහිපයක් තෝරා ගනිමින් පාසල් සුනාමි පෙරහුරු වැඩසටහනක් පසුගිය දා පවත්වන ලදි.

මෙහිදි අම්පාර දිස්ත්‍රික්කයේ අල් මහීරා විද්‍යාලයේ ගුරු - සිසුන් 1,500 ක් පමණ හදිසි ඉවත් කිරිමක් සිදුකිරිමද, මුලතිව් දිස්ත්‍රික්කයේ කල්ලපාඩු විද්‍යාලයේ ගුරු - සිසු 800 ක් ආර්. සී. දෙමල මහාවිද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් සිදුකිරිම සහ යාපනය දිස්ත්‍රික්කයේ ශාන්ත මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ ගුරු - සිසුන් 2,000 ක් පමණ වඩමවාරච්චි හින්දු විද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් ද සිදුකරන ලදි. තෝරාගත් මෙම පාසල්වලට අමතරව වෙරළබඩ ආසන්නයේ තවත් පාසල් පහකා  ගුරුවරුන් සහ සිසුන් කණ්ඩායම් ද සහභාගි කර ගන්නා ලදි.

ප්‍රාදේශීය සියළුම රාජ්‍ය ආයතන සහ රජයේ නොවන ආයතනවල සහභාගිත්වයෙන් සිදුකරන ලද මෙම අභ්‍යාසය සදහා සුනාමි ආපදාව පිළිබදව ප්‍රථමාධාර පිළිබදව මෙන්ම හදිසි අවස්ථාවකදි ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබදව පාසල් ප්‍රජාව දැනුවත් කරන ලද අතර සුනාමි ව්‍යසනයක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකිරීම මුලික අරමුණ විය.

හදිසි ආපදා තත්වයක දී කටයුතු කළ වුතු ආකාරය පිළිබදව විධිමත් ප්‍රායෝගීක පුහුණුවක් ලබාදීමට කටයුතු කිරීම සහ එවන් අවස්ථාවකදී සැලසුම් සහගතව ක්‍රමිකව තමන් විසින් ක්‍රියා කළ යුතු ආකාරය හා සාමුහිකව ආපදාවකදී ආරක්ෂිත ස්ථාන කරා යාම පුහුණු කිරීම සිදු කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වු මෙම පෙරහුරු වැඩසටහන සදහා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබාදුන් අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා අනෙකුත් රාජ්‍ය ආයතන මෙම පෙරහුරුව සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දෙන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052