කුරුණෑගල සුන්නරාපොළ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ ගිනි ගැනීම

IMG-20200302-WA0015කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සුන්දරාපොළ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ පසුගිය දා ගිණ්නක් ඇති විය. මෙම ගින්න පාලනය කිරීම සදහා කුරුණෑගල මහනගර සභාව, කුලියාපිටිය නගර සභාව සහ හලාවත නගර සභාවේ ගිණිනිවින ඒකක සම්බන්ධ වු අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යුධහමුදාව, පොලිසිය සහ ගම්වාසින් සම්බන්ධ කරගනිමින් ගිනිපටි සකස් කරමින් කුනු කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයට ගින්න ව්‍යාප්තවීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.

නමුත් පවතින නියං කාලගුණික තත්වය හමුවේ ගින්න පාලනය කිරීමට අපහසු වු බැවින් මෙම ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවේ බෙල් 212 යානයක් යොදා ගැනීමට සිදු විය. එසේම ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ ඇති වු ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට යම් සෞඛ්‍ය ගැටලුවක් ඇති විය හැකි බැවින් ජංගම සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට කුරුණෑගල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කටයුතු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්න්ධීකරණය මත කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වයඹ පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම ගින්න පාලනය කිරීම සදහා සම්බන්ධිකරණ සහය ලබා දෙන ලදී.

කුරුණෑගල මහ නගර සභාව, කුලියාපිටිය නගර සභාව සහ හලාවත නගර සභාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගින්න පාලන කිරීම සදහා ගිණිනිවන රථ ගුවන්යානා මෙන්ම අවශ්‍ය පුහුණු බට පිරිස් සහය ලබා දෙමින් ගින්න පාලනය සම්බන්ධ විය

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079