කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අසල කසළ බහාලුම් ස්ථානයේ ඇති වු ගින්න පාලනය කිරීම

kasala kanda ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලද ඇමතුමක් අනුව පසුගිය 19 වන දින කටුනායක, සිදූව නගර සභාවට අයත් අම්බලන්මුල්ල ගණ අපද්‍රව්‍ය බහාලුම් අංගනයේ ඇති වු ගින්න නිසා සිදුවිය හැකි හානිය අවම කරගනිමින් පාලනය කිරීම හැකි විය.

පසුගිය 19 වන දින කටුනායක, සිදූව නගර සභාවට අයත් අම්බලන්මුල්ල ගණ අපද්‍රව්‍ය බහාලුම් අංගනයේ ඇති වු ගින්න බ්‍රහස්පතින්දා (20) දින දිවා කාලය වන විට අධිවේගී මාර්ගය ආසන්නයට පැතිරී තිබු අතර දුමාරාය නිසා කටුනායක අධිවේගි මාර්ගය තාවකාලිකව වසා දැමිමට සිදු විය. සීදුව, කටුනායක මහනගර සභාව මගින් ගින්න පැතිර යාම වළක්වා ගැනීම සදහා යොදවා තිබූ ගිනි නිවීමේ රථය ඒ සදහා ප්‍රමාණවත් නොවිණි. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් පාර්ෂවකාර ආයතන සම්බන්ධීකරණයෙන් ක්ෂණිකව ගින්න පාලනය කිරීමටත් එමගින් තාවකාලිකව වසා දමන ලද කටුනායක කොළඹ අධිවේගී මාර්ගය පැය කීපයක් තුළ නැවත විවෘත කිරීමටත් හැකි විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්න්ධීකරණය මත ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය සහ සහකාර කොමසාරිස් කාර්යාලය (ගම්පහ), ශ්‍රී ලංකා යුධ හමුදාව, ග්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගින්න පාලන කිරීම සදහා ගිණිනිවීමේ රථ, ගුවන්යානා මෙන්ම අවශ්‍ය පුහුණු බට පිරිස් සහය ලබා දෙමින් ගින්න පාලනය සම්බන්ධ වු අතර කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස, ගම්පහ, මීගමුව සහ කටුනායක සීදුව යන නගර සභා, මීගමුව, අත්තනගල්ල, කටාන, මීරිගම සහ දිවුලපිටිය ප්‍රාදේශිය සභා යන පළාත් පාලන ආයතනවල ගිණිනිවීමේ ඒකක, කටුනායක අධිවේගී මාර්ග ගිණිනිවීමේ ඒකකය, ගුවන්තොටුපල ගිණිනිවිමේ ඒකකය මෙම ගින්න පාලනය කිරීම සදහා දායකත්වය දක්වන ලදී. එසේම ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය ජාතික ජල සම්පාදන සහ ජලා ප්‍රවාහන මණ්ඩලය මෙම තත්වය පාලනය කිරීම සදහා දායකත්වය ලබා දෙන ලදී.

බ්‍රහස්පතින්දා (21) අළුයම 3.00 වන විට ගින්න පාලනය කිරීමට හැකිවුවත් කසළ අංගනය තුළ සුළු වශයෙන් ගින්න පැතිර පැවති බැවින් පසු දින (22) සම්පුර්ණයෙන්ම ගින්න පාලනය කිරීමට ක්‍රියා කරන ලද අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ඇතුලු නිළධාරීන් පිරිසක් මෙම ස්ථානය පරික්ෂා කර නැවත ගිණි ගැනීමක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052