Emergency Warnings

rss

 

කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම් සහ ප්‍රතිචාර සැලැස්මට ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය යි. - ලෝක සෞඛ්‍ය සංවිධානය

Coronavirus 2020 planනව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.

ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා; ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් කර ඇති ගෝලීය පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර සැලැස්ම ඉදිරි තෙමසක කාලය තුළ (පෙබරවාරී සිට අප්‍රේල් දක්වා) ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක මුදලක් වැය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

නව කොරෝනා වෛරස් රෝගය හදුනා ගැනීමට තවමත් ක්‍රමවේදයක් නොමැති රටවල් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධනොම් (Dr Tedros Adhanom) මහතා පෙන්වා දී ඇත. ගෝලීය වශයෙන් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා වෛරසය වැළඳී ඇති පුද්ගලයින් හඳුනා ගැනීම, රෝග විනිශ්චය කිරීම සහ රැකබලා ගැනීම, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් සඳහා හදිසි සහාය අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දී ඇත.
මිනිසාගෙන් මිනිසාට කොරෝනා වෛරස් සම්ප්‍රේෂණය කිරීම සීමා කිරීම, පාලනය කළ නොහැකි ආකාරයෙන් රෝග ව්‍යාප්තිය සිදුවුවහොත් වඩාත් අවදානමට ලක්විය හැකි රටවල; රෝගීන් කලින් හඳුනා ගැනීම, හුදකලා කිරීම සහ රැකබලා ගැනීම; තොරතුරු සන්නිවේදනය කිරීම; සමාජ හා ආර්ථික බලපෑම අවම කිරීම; සතුන්ගෙන් වෛරස් පැතිරීම අඩු කිරීම සදහා ජාත්‍යන්තර සම්බන්ධීකරණය හා මෙහෙයුම්වලට සහාය දීම; කොරෝනා වෛරස් අවදානම පිළිබදව ඒ ඒ රටවල පෙර සූදානම සහ ප්‍රතිචාර මෙහෙයුම් වැඩි කිරීම; පර්යේෂණ හා නව්‍යකරණ වේගවත් කිරීම මෙම ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරෝත්තු වේ.

වෛරසය පාලනය කිරීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්මෙහි සඳහන් කර ඇති පරිදි, නව කොරෝනා වෛරස් රෝගය ව්‍ය්‍යප්ත වීම චීනය තුළ ඉතා ඉහළ අවදානමක් පවතින අතර කලාපීය හා ගෝලීය වශයෙන් ඉහළ අවදානමක් පවතී. රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා ජාතික වශයෙන් පවතින පෙර සූදානම සහ ප්‍රතිචාර ක්‍රියාමාර්ගවල පවතින ඵලදායීතා මට්ටම් ඇතුළු සාධක මත අවදානම් තක්සේරුව තීරණය වනු ඇත. එහෙයින් ගෝලීය වශයෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා ජාතික වශයෙන් ගෙන ඇති උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලසුම් ඉමහත් බලපෑමක් ඇත කරනු ඇත.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079