කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම ඉහළ මට්ටමක, ලෝක සෞඛ්‍ය සංවිධානය

cover pageකොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (01) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 11,953 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,128 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 11,821 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 1,795 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 259 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

එසේම වර්තමානය වන විට ලොව පුරා රටවල් 23 ක කොරෝනා වෛරස් රෝගය වැළදුන රෝගීන් වාර්තා වී ඇති බව එම වාර්තාවේ දක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනුව රෝග අවදානම පිළිබද සළකා බැලීමේ දී චීනය ඉතා ඉහළ අවදානම් මට්මක පවතින අතර කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා නව වෛරස් රෝග අවදානම ඉහළ මට්ටම පවතින බව එම වාර්තාවේ සදහන් කර ඇත. මේ පිළිබද වැඩි විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද වැඩි විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාව

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079