නව කොරෝනා වෛරස් ආසාධන ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 13 ක්. 
 
New Crona readynesචීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට පුද්ගලයින් 106 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය, කැනඩාව, ජර්මනිය, වියට්නාමය ඇතුලු රටවල් 18 කින් පමණ වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කරන චීන ජාතික කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඇයට කොරෝනා රෝගය වැළදී ඇතැයි වාර්තා වේ.
කොරෝනා වෛරස් අවදානම් තත්වයක් වාර්තා වුව හොත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සදහා ජාතික බෝවන රෝග විද්‍යායතනය(අයිඩීඑච්), ජාතික රෝහල (මහනුවර), උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම), ශික්ෂණ රෝහල (කරාපිටිය), ශික්ෂණ රෝහල (අනුරාධපුර), ශික්ෂණ රෝහල (යාපනය), ශික්ෂණ රෝහල (කුරුණෑගල), ශික්ෂණ රෝහල (මඩකලපුව), පළාත් මහ රෝහල (රත්නපුර), පළාත් මහ රෝහල (බදුල්ල) ගම්පහ මහ රෝහල සහ මීගමුව මහ රෝහල යන රෝහල්වල ප්‍රතිකාර ගැනීම සදහා විශේෂ පහසුකම් සලසා ඇත. 
එසේම චීනයේ සිට මෙරටට පැමිණි පිරිස් මෙරටට පැමිණි දින දාහතරක් යන තෙක් ඔවුන් ගේ නිවෙස් හෝ වාසස්ථානවලින් බැහැරට නොයන ලෙස ජාතික වසංගත රෝග විද්‍යායතනය දැනුම් දී ඇත. එසේම එම කාලය තුළ උණ කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් වැළදුනහොත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහතා දැනුවත් කර ඔබට ආසන්නම පිහිටි ඉහත රෝහළක් වෙත ප්‍රතිකාර සදහා යොමුවන ලෙස  ජාතික වසංගත රෝග විද්‍යායතනය ඉල්ලීමක් කර ඇත. 
 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079