විස්සයි විස්ස නව වර්ෂයේ වැඩ ආරම්භය

2020 opening Dayආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2020 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය නිළධාරීන් සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

නව වසරේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම ආපදා නිසා ජීවිත අහිමි වු ජනතාව රණ විරුවන් සිහිපත් කරිමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පල කළ අතර 2020 වර්ෂයේ වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදී.

වඩාත් සුරක්ෂිත රටක් බිහිකිරීම සහ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා නිළධාරීන්ගේ කැපවීම, වගවිම සහ අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙන්ම ස්වයං විනය මුලික කරගනිමින් තම රාජකාරි ඉටු කිරීමට කැපවිය යුතු බවත් සෑම නිළධාරියකුටම හිමි රාජකාරීය මැනවින් ඉටුකිරීම තුළින් රටේ තිරසර සංවර්ධන ඉලක්ක ලගා කර ගැනීමට දායක වන ලෙස අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන ලදී.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්, ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇතුලු ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන නිළධාරීන් මේ අවස්ථාවට සහභාගී විය.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052