ඉදිරි දින කීපය තුළ පළාත් කීපයකට තද වැසි බලාපොරෝත්තු වේ.

 

Bad Weatherබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම පැවති වර්ෂාව හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇති නිසා ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදන නිකුත් කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවව විසින් අද දින (20) නිකුත් කරන ලද ප්‍රධාන ගංගා ජල මම්ටම් නිවේදනයට අනුව කුඹුක්කන් ඔය නක්කල ජල මාපකයේ අගය සුලු ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇති අතර හොඩාඔය සියබලන්ගමුව ජල මාපකයේ සහ මහවැලි ගග මනම්පිටිය සහ තල්දෙන ජලමාපක අගයන් ද ගංවතුර අවදානම් තත්වයක් දක්වා ඉහළ ගොස් ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද දින (20) නිතුක් කරන ලද නායයාම් අවධානම් නිවේදනයට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ (ලග්ගල පල්ලේගම), මහනුවර දිස්ත්‍රික්කයේ (උඩුදුම්බර), සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ (වලපනේ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හදුනාගත් නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂික ස්ථාන කරා ඉවත්වීමේ නිවේදන නිකුත් කර ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලේපොල සහ නාවුල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර යන ප්‍රාදේගීය ලේකම් කොට්ඨාශ සදහා ඇම්බර් වර්ණයෙන් යුතු නාය යාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
එසේම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගමුව කෝරළේ, නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම, වැලිමඩ, ඇල්ල, හල්දුමුල්ල, පස්සර, ලුනුගල, හාලිඇල, බංඩාරවෙල, හපුතලේ, සොරනාතොට සහ බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, මැදගම සහ බිබිල යන ප්‍රාදේගීය ලේකම් කොට්ඨාශ සදහා කහ වර්ණයෙන් යුතු නායයාම් වමසිලිමත්වීමේ නිවේදන නිකුත් කර ඇත.
පවතින ආපදා තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන ලෙද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.
විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත් නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව එම ආපදා අවමකරගැනී සදහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079