දිවයිනට බලපා ඇති ආපදා තත්වය පිළිබද අවධානය යොමු කෙරේ.

Minister Visit 2019-12
දිවයිනට බලපාන ආපදා තත්වය පිළිබද සමාලෝචන සැසියක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා‍ගේ හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) කොළඔ 07, විද්‍යා මාවතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වීය.
දැනට සක්‍රියවෙමින් පවත්නා ඊසාන දිග මෝසම් තත්වය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් ඇතිවිය හැකි ආපදා අවදානම් අවම කර ගැනිම හා විපතට පත්වන ජනතාවට සහන සැලසීම සදහා කඩිනම් වැඩපිලිවෙලක් සැලසුම් කිරිමටත් ඒ සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලියට සම්බන්ධව කටයුතු කරන සියළුම පාර්ශවකරුවන් සහ සංවිධාන ඒකාබද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය වැඩපිළිවළක් සක්ස් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
එසේම දැනට ආපදාවට ලක්වි ඇති දිස්ත්‍රික් 11 හි දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35 හි ප්‍රාදේශීය ලේකම්වරු හා අනෙකුත් නිළධාරීන් සමග නිරන්තරව ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැලසීම කටයුතු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ. ධර්මසිරි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාරත්න, ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා මාලා අලවතුවල යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052