වායුගෝලීය අයහපත් තත්වය පිළිබද නිරන්තර අවධානය යොමුකරනවා.

Press 2019-11-07 පවතින වායුගෝළීය අයහපත් තත්වය පිළිබදව නිරන්තරයෙන් අදාල කාක්ෂණික ආයතන සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යමින් අදාල තත්වයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද දින පැවති ප්‍රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා මේ බව පැවසීය.

පවතීන වායුගෝලීය අයහපත් තත්වය හේතුවෙන් යම් සංකූලතාවයක් ඇති විය හැකි ළමුන්, ගර්භණි මාතාවන්, වැඩිහිටියන් සහ ස්වසන ආබාධ සහිත පුද්ගලයින් මේ පිළිබදව වැඩි අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙන්වාදෙන අවවාද පිළිපැදීමට කටයුතු කරන ලෙසත් පරිසර දුෂණය අවම කරගැනීමට තනිතනිව දායක වීමට කටයුතු කරන ලෙසක් වැඩිදුරත් ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටින ලදී

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052