වායුගෝලීය දුෂණ තත්වය පහවගොස් ඇති හෙයින් සුපුරුදු ආකාරයෙන් කටයුතු කළ හැක

 DSC0797Health

දැනට වායුගෝලයේ පවතින්නා අහිකර තත්වය පහව යනු ඇති බව තාක්ෂණික ආයතන විසින් දන්වා තිබෙන බවත් එසේ වුවත් වායු ගෝලය තුළ මෙවැනි අහිතකර තත්වයන් ඇති වුවහොත් ස්වසන පද්ධතිය ආශ්‍රිත ආසාධන ඇතිවිය හැකි බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන මහතා අද දින (07) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

විශේෂයෙන්ම හතිය ඇදුම වැනි රෝග වලින් පෙළෙන අයගේ එම රෝග තත්ව උත්සන්න විය හැකි බවත් එසේම ළමුන් ගර්භණී මව්වරුන්ට ස්වසන ආබාධ නොමැති වුවත් යම් සංකූලතා ඇතිවිය හැකි බව ඒ මහතා පැවසීය. එසේම සංකුලතා නොමැති වුවත් එලිමහනේ බොහෝ වේලාවක් රැදී සිටීම, ක්‍රීඩා කිරීම, පවතින තත්වය පහව යන තෙක් අඩු කිරීමට කටයුතු කරන ලෙසත් පාසැල් ළමුන් වැඩිපුර වෙහෙස කරවීමෙන් වැළකී සිටින ලෙසත් ඒ මහතා තවදුරටත් ඉල්ලා සිටින ලදී.

එසේම මෙම තත්වයෙන් මිදීම සදහා මුඛ ආවරණයක් භාවිතා කරන ලෙසත් ඒ මහතා පෙන්වා ලෙන ලදී. පරිසරය ආරක්ෂා කිරීමත් වායු ගෝලයට දුම් සහ දුවිලි යොමු කිරීම සීමා කිරීමත් වි‍ශේෂයෙන්ම දුම් පානය නතර කිරීමත් මෙම තත්වය පාලන කිරීම සදහා ගත හැකි ක්‍රියා මාර්ග බව පෙන්වා දෙන ලදී.

නමුත් පැවති වායුගෝලීය දුෂණ තත්වය පහවගොස් ඇති හෙයින් සුපුරුදු ආකාරයෙන් කටයුතු කළ හැකි බව ඒ මහතා තවදුරටත් පැවසීය.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079