Emergency Warnings

rss

 

පවතින වායුගෝලීය අයහපත් තත්වය ක්‍රමිකව අඩුවී ඇත.

 DSC0794 NBRO පසුගිය දින කීපය තුල දී සාමාන්‍ය වායුගෝලයේ පවතින කුඩාම අංශු ප්‍රමාණය සැලිය යුතු මට්ටමකින් වැඩිවී තිබු බවත් එය ක්‍රමිකව අඩුවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද (07) දින පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සම්බන්ධවෙමින් ඒ බව පෙන්වා දෙන ලදී.

රට තුළ ස්ථානීය වශයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව වායු තත්ව දර්ශකය ඉහළ 150 ක තරම් ඉහළ අගයක් පෙන්නුම් කර ඇත. එය මිනිස් සිරුරට අහිතකර විය හැක. මිනිස් සිරුරට හිතකර මට්ටමට දක්වා එනම් වායු තත්ව දර්ශකය අඩු මට්ටමකට පැමිණෙමින් පවතින බවත් දර්ශක අගය මේවන විට (07) 50-100 ත් අතර මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායු තත්ව දර්ශකය 50 වඩා අඩු මට්ටමක පවතීනම් එය ජීවත්වීමට යෝග්‍ය වායු ගෝලීය තත්වයක් බවත් 50 – 100 ත් අතර අගයක් ගනීනම් එය තරමක් සාමාන්‍ය මට්ටම ලෙසත් දර්ශක අගය 100 වඩා වැඩිනම් ස්වසන ආබාධ ඇති අයට අපහසු වන බවත් දර්ශක අගය 150 ට වැඩි නම් සාමාන්‍ය අයට ද යම් සංකූලතා ඇති විය හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඉහළ වායුගෝලිය සුළං හේතුවෙන් අප පැමිණෙ සුළං ධාරාවල පවතින අංශුමය ද්‍රව්‍ය සහ අපගේ පරිසරයේ පවතින අංශුමය ද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. නමුත් ඒ සදහා බල පෑ කාරණය නිශ්චිතවම පැවසිය නොහැකි බවත් තවදුරතට ඒ පිළිබදව නිරන්තරයෙන් පරීක්ෂණ පවත් වන බවත් පෙන්වා දෙන ලදී.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079