ආපදා නිසා බලපෑමට ලක්වු ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර

Hon Minister  press
පසුගිය දින කිහිපය පුරා දකුණු හා බස්නාහිර පළාත්වලට ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 20,817 ක පුද්ගලයින් 80014 ක් පමණ ආපදා නිසා බලපෑමට ලක්වී ඇති බවත් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් රාජ්‍ය පරිපාලන ආපදා කළමනාරකණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් දක්වන ලද්දේ ආපදා තත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අමාත්‍යාශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. විපතට පත්වූ ජනතාව සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් රජය රු මිලියන 12 මේ සඳහා ලබා දී ඇති අතර ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියනයක් බැගින් ආපදා ප්‍රතිචාර දැක්වීමේ අරමුදල් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන ලදී. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සදහා සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත්, අවශ්‍ය උපකරණ ඒ ඒ ස්ථාන කරා යොමු කර ඇති බවත් තවදුරටත් පැවසීය.


එසේම ගංවතුර ආපදා පවතින විට තවත් දිස්ත්‍රික්ක 18 පමණ නියගය හේතුවෙන් ජලය ලබාදීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් ආමාත්‍යතුමා ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්වයක දී ජනතාවට උපරිම සහන ලබාදීමටත් ආපදා වලින් තොර රටක් බිහි කිරීමට කටයුතු කරන බවත් නායයාම් ආපදා අවදානම් ප්‍රදේශවල ජනතාව එම කලාප වලින් ඉවත් කිරීම සදහා නිවාස ලබාදීමේ වැඩපිලිවල ක්‍රියාත්මක කර ඇති බවත් එය කඩිනම් කර නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් දන්වා සිටින ලදී.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079