ආපදා තත්වය පිළිබදව නිරංතරයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර. 

DG Press 23092019පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම පසුගිය පැය විසි හතරක කාලය සළකා බලන විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ ගිං ගග ආශ්‍රිතව සුලු ගංවතුර තත්වයක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් වර්ෂාව ඇතිවුව හොත් පවතින ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසීය.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සදහා මේ වන විටත් සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත්, අවශ්‍ය උපකරණ ඒ ඒ ස්ථාන කරා යොමු කර ඇති බවත් තවදුරටත් පැවසීය. ආපදා තත්වය පිළිබදව නිරංතරයෙන් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බවත් එසේම ඇතිවිය හැති ආපදා පිළිබදව යම් විමසීමක් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි දුරකථන අංක 117 අමතන ලෙසත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052