දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් වැඩීවීමක්

Bad Weather 2019

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා

දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත

දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

එසේම වයඹ, උතුර, ඌව, සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත්, අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි ක්ෂණික ගංවතුර තත්වයන් සහ නායයාම් තත්වයන් නිසා ඇතිවිය හැකි අවධානම පිළිබදව සැළකිලිමත් වන ලෙසත් ඒ සදහා පුර්ව සුදානම් පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම දිවයිනට බස්නාහිර, දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය නිසා එම මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052