ඉදිරි දින වලදී කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව ධීවර ජනතාවට දැනුම් දේ. 

fishing-boa

මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තල සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා  වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යාමට හැකියාවක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සෙසු මුහුදු ප්‍රදේශවලද සුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60  දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව ධීවර ජනතාවට දැනුම් දේ. එසේම නාවුක කටයුතු වල යෙදෙන පිරිස මුහුදේ රළු ස්වභාවය පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

එසේම වෙරළ සීමාවේ ජල ක්‍රිඩා කිරීම, දිය නෑම නොකරන ලෙසත් වෙරළබඩ සංචාරයේ යෙදෙන පිරිස් කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පිලිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇති නිවේදනය

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052