2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත 2005.05.13 දින සිට බලාත්මක වූ අතර, එකී පනතෙහි විධිවිධාන අනුව 2005.08.01 දින සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදි. උක්ත පනතට අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව (NCDM) සහ රට තුළ ඇතිවන ආපදා අවදානම් කළමනාකරණය කිරීමේ නියමු ආයතනය වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය(DMC) යන ආයතන ස්ථාපිත කළයුතු විය. 2006 ජනවාරි මාසයේදී ආපදා කළමනාකරණ විෂය අයත් අමාත්‍යාංශය ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය වශයෙන් ප්‍රතිස්ථාපනය කරන ලදි.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052