නෛතික ප්‍රතිපාදන හා ආයතනික සැලසුම් මගින් ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පහත සඳහන් වැදගත් පියවර කිහිපයක් අනුගමනය කර ඇත.

2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත, 2005 මැයි මස සිට බලාත්මක වී ඇත. මෙමගින් රට තුළ ආපදා අවදානම් කිරීමේ පද්ධතියට නෛතික පදනමක් ලබාදී ඇත. මෙම පනත මගින් ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් හා අග්‍රාමාත්‍යවරයාගේ උප සභාපතිත්වයෙන්ද, විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්, සුළු ජන කණ්ඩායම් නියෝජනයන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව ස්ථාපිත කර ඇත. මෙම ඉහල මට්ටමේ නියෝජනයන්ගෙන් සැදුම්ලත් ආයතනය මගින් රටතුළ ආපදා අවදානම් ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරනු ලබයි.

පනතෙහි දක්වා ඇති ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත.

පනත බාගත කරන්න

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052