රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්

Landslide Warningඅද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

ඔබ ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන්න. පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය. 

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ. 

රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්

අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබ ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන්න. පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය.

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052