2017.12.05 පැවති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක්ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.


විශේෂයෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරි පැය 24 තුළ ඇති විය හැකි කාලගුණික තත්ත්වය පිළිබඳව දැඩි අවදානයෙන් සහ විමසිල්ලෙන් සිටින ලෙස ප්‍රකාශ කරන ලදී. ඉදිරි කාලගුණ තත්වය පිළිබදව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී. මෙම තත්ත්වය දිවයිනේ උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ වලට බලපෑ හැකි බවත් සමස්ථයක් වශයෙන් මුළු දිවයිනේම ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවත් පෙන්වා දුන් අතර විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර මුහුද ආශ්‍රිතව සුළගේ වේගය පැයට කිලෝමීටර් 90 ත් 100ත් ගන්නා අතර ධීවරයන් මේ සම්බන්ධව දැඩි අවධානයනේ සිටින ලෙසත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

DSC 4522 DSC 4539 DSC 4551

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052