pay condolence 2019 අප්‍රේල් 21 දින දිවයිනේ ස්ථාන කීපයක සිදුවු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රජය විසින් අද (23) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර 23 දින උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට කටයුතු කරන උපදෙස් ලබාදී තිබිණි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමානකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සියලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින (23) පෙරවරු 8.30ට විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079