New GD 2019 මාර්තු 26 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා වැඩ භාරගන්නා ලදී. ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 21 සේවා කාලයක් සහිත විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකි. නව ධුරයට පෙර ඒ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරය දරන ලදී.
1998 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වු ඒ මහතා වසර 21 ක කාල සීමාව තුළ දිස්ත්‍රික් සමෘධි අධ්‍යක්ෂ, දකුණු පළාත් සමුපකාර කොමසාරිස්, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් අතිරේක ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් ඇතුලුව ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමේ තනතුරු රාශියක් හොඹවා ඇත.

ආගමික වතාවත් වලින් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් අමතමින් තම සේවා කාලය තුළ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රාජකාරීවල නිරතවීම නිසා ආපදා කළමනාකරණය පිළිබද විෂයානුබද්ධ මෙන්ම ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට හැකි වු බව ඒ මහතා පැවසීය. ආපදා කළමනාකරණ මධයස්ථානයට පැවරී ඇති ජාතික වගකීම් ඉටු කිරීමේ දී තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් එම දැනුම සහ අත්දැකීම් බෙහෙවින් ඉවහල් වනු ඇති බව පවසන ලදී.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික මෙන්ම ජාත්‍යන්තර පාර්ෂවය සමග මනා සම්බන්ධිකරණ යාන්ත්‍රණයකින් සමන්විත ආයතනයක් බැවින් ජනතාවට සේවය කිරීමේ දී එකමුතුව ඒකායන අරමුණකින් ජනතාවට සේවය කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී. ඒ සදහා තමා ඇතුලුව සියලු මට්ටම්වල කාර්ය මංඩලයේ කැපවීම අත්‍යවශ්‍ය බවත් ආයතනයේ අභිමතාර්ථ ලගාකර ගැනීමේ දී එය වඩාත් වැදගත් බවත් පෙන්වා දෙන ලදී. මේ නිසා සියලු නිළධාරීන් ඔවුන්ගේ කාර්යභාරය, වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එතුළින් ආපදාවලින් සිදුවන හානිය අවම කරගනිමින් රටේ මහජනතාවගේ සුරක්ෂිතබව තහවුරු කිරීමට කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව තවදුරටත් අවධාරණය කර ලදී.
රාජ්‍ය පරිපාලන සහ ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අමලනාදන්, රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහාතා ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052