Emergency Warnings

rss

 

IDMP 2026 2nd Meeting  8

 

ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අංක 13 දරන 2005 හි 10 වන වගන්තියට අනුව, සියලු අමාත්‍යාංශ සහ ඒවා යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන විසින් ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (Institutional Disaster Management Plans - IDMPs) සකස් කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව, එම ක්‍රියාවලිය කඩිනමින් හා විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ සියලු රේඛීය අමාත්‍යාංශ දැනුවත් කිරීමේ සහ සම්බන්ධීකරණ රැස්වීමක් 2026 ජූලි 23 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික මට්ටමින් ආපදා අවදානම් අවම කිරීම, රාජ්‍ය ආයතනවල ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීම මෙන්ම, ආපදා ප්‍රත්‍යස්ථතාව ශක්තිමත් කරමින් රාජ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ආයතනික සූදානම වර්ධනය කිරීම වන අතර ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, ක්‍රියාත්මක කිරීමේ කාලසටහන සහ අමාත්‍යාංශවල වගකීම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

IDMP 2026 2nd Meeting  3IDMP 2026 2nd Meeting  1IDMP 2026 2nd Meeting  6IDMP 2026 2nd Meeting  9IDMP 2026 2nd Meeting  10IDMP 2026 2nd Meeting  2

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079