නිරිත දිග මෝසම සක්‍රීයවියසක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් කළමනාකරණය කර ගනීම උදෙසා තාක්ෂණික ආයතන, සහනසේවා සපයන ආයතන සහ හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ආයතන වල සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතනවල පුර්වසූදානම ශක්තිමක් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද නිරිත දිග මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම අද දින (05/02) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.
මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය අනුව මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි අතර මේ දින වල පවතින වැසි තත්ත්වය අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් වර්ධනය වු තත්ත්වයක් බවත් වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කීපය තුළ පැවතිය හැකි බවත් පෙන්වා දෙන ලදී. එසේ වුවද නිරිතදිග මෝසම් තත්ත්වය තුළ දිවයිනේ බොහෝප්‍රෙද්ශවලය සාමන්‍ය අගයට ආසන්න හෝ සාමන්‍ය අගයට වඩා අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලදී.
වර්තමානය වන විට රට පුරා ඩෙංගු අවදානමක් පවතින බවත් විශේෂයෙන්ම කොළඹ, ගම්පහ කලුතර යන දිස්ත්‍රික්වල වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොන්වා දෙන ලදී. මෝසම් වර්ෂාව සමග මෙම තත්වය තවදුරටත් වර්ධනයවීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව තවදුරටත් පැහැදිලි කරන ලදී. ඊට අමතරව මී උණ ව්‍යාප්තවීම ඉහළ යා හැකි බවත් පසුගිය වර්ෂයේ මී උණ වැලදීමෙන් මරණ 203ක් වාර්තා වී ඇති බවත් එබැවින් පවතින අවදානම් තත්ත්වය පිළිබදව මහජනතාව අවධානය යොමු කිරීමත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමේ වැදගත් කමත් අවධාරණය කරන ලදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල මට්ටම 70% ක් පමණ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලද අතර එබැවින් ඉදිරි කාලගුණික පුරෝකථන පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
කාලගුණවිද්‍යා දෙපාරත්මේන්තුව විසින් ඉදිරියේදී සිදු කරනු ලවන පුරෝකථන අනුව නායයෑම් අවදානම් කලාපවල පවතින අවදානම පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් නිවේදන අනුව මහජනතාව ඉවත්වීමේ අවශ්‍යතාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පෙන්වා දෙන ලදී. එසේම නායයෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ක්ෂණීකව ඉවත්වීම හෝ අදාල ආයතන දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.
අවධාරණය කරන ලද කරුනු සළකාබලා තාක්ෂණික ආයතන විසින් ලබාදෙනු ලබන තොරතුරුසියලු පාර්ශවකාර ආයතනදැනුවත් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යය නොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය. නිරිත දිග මෝසම් කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා සහ ඒ සඳහා මුහුණ දිම සඳහා ආයතනික වශයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටි අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ක්ෂණිකව අදාල පාර්ශවකාර ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරන ලදී.
2026.05. 12 @DMC Srilanka




