அவசர எச்சரிக்கைகள்

rss

Low-pressure-area-in-Bay-of-Bengalදිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින්න.

දිවයින හරහා පැයට කිලෝමීටර් 50-60 දැඩි සුළං තත්ත්වයක්

බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති අතර මෙම පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අද (07) උදෑසන 13.30 ට කාලගුණවිදයා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ  වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දී ඇත.

එසේම නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60 පමණ තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දින කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් සිට හම්බන්තොට දක්වා මුහුද්‍ර ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකීසිටින ලෙසත් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් විශේෂයෙන්ම හෙට දින (08) සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වවා ඇති මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසත් නිවේදනය කර ඇත.

එබැවින් ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැඩි සුළං සහ අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි නායයෑම් වැනි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිලි මත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි තාක්ෂණික ආයතන විසින් ලබාදෙන අනතුරු ඇගවීම් සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානයේ 117 දුරකථන අංකයෙන් මේ සම්බන්ධ තොරුතුරු ලබාගන්නා ලෙසත් ජනතාවට දැනුම් දේ.

@ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය

2026-01.07

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052