2026 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනෙරාල් අනුර ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වසිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ආසිරි කරුණාවර්ධන සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.
ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල කළ කරන ලදී. අනතරුව සියළු නිළධාරීන් එක්ව 2026 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීමට කටයුතු කරන ලදී.
2026 වර්ෂයේ අප එක් ඉලක්කයක් ජය ගැනීම සදහා කටයුතු කළ බවත් ඒ සදහා වු කැපවීම අගය කරන ලද අතර නව වසරේ අභියෝග ජය ගැනීමටත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහාත් නිළධාරීන්ගේ කැපවීම, වගවිම මෙන්ම ස්වයං විනය මුලික කරගනිමින් රාජ්‍ය සේවකයින් වශශයෙන් තම රාජකාරිය තුළින් මහජනතාව අපේක්ෂා කරනු ලබන කාර්යභාරය ඉටු කිරීමේ පොදු හැගීමකින් යුතුව ඉටු කිරීමට කැපවිය යුතු බවත් තනි තනිව වැඩ කිරීමෙන් ජාතික ඉලක්ක ජයගැනීමට අපහසු බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් නව වසරේ රාජකාරි අරඹමින් පැවසීය.
2026.01.01 @DMc Sri Lanka




















