fishing-boaකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 නොවැම්බර් මස 20 වන දින ප.ව. 15.00 නිකුත් කරන ලද විශේෂ නිවේදනයට අනුව දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරන බව නිවේදනනයේ සදහන් කර ඇත. මෙම පද්ධතියේ බල පෑම හේතුවෙන් උතුරු සහ මන්නාරම බොක්ක ප්‍රදේශයේ වැසි සහ සුළං වේගයේ වැඩිවිමක් අද (20) දින සහ හෙට (21) දින වර්ධනය වේ යැයි කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පවතින කාලගුණික තත්වය හේතුවෙන් මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් ඇති මුහුදු ප්‍රදේශවල අද (20) සහ හෙට (21) දිනයේ දී ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය මද රළු ස්වභාවයේ සිට රළු විය හැකි බවත් විටින් විට එය ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් කර ඇත.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052