
නිරිත දිග බෙංගාල බොක්ක සහ ශ්රී ලංකාව ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අද උදෑමන වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම නැගෙනහිර මධ්යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැක. ඒසේම දිවයිනේ සෙසු ප්රදේශවල මිලිමීටර් 75 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
පොතුවිල් සිට මඩකලපුව, ත්රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 පමණ පමණ දක්වා ඉහළ යා හැකි බවත් මෙම මුහුදු ප්රදේශ රලු විය හැකි බවත් තවදුරටත් නිවේදනය කර ඇත.
එවැබින් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිවේදන සම්බන්ධයෙක් අවධානය යොමු කිරීමටත් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබද අවධානයනේ පසුවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඔබට මේ පිළිබද තෙරතුරු 117 දුරකථන අංකය මගින් ලබාගත හැකි බව දැනුම් දේ.




