ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ ඇතිව කලාපිය වැඩසටහනක් ලෙස මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්ක මුලීක කර ගනිමින් අද (05) දින සාර්ථකව පැවැත්විනි.
ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිත වන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතන වල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳව මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත් පාලන ආයතන, පාසල්, හෝටල් ඇතුලු පාර්ශවකාර ආයතන පෙරහුරු අභ්‍යාසය සඳහා සහභාගී වේ. ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාමනිළධාරී කොට්ඨාශ 05 ක ජනතාව, තෝරාගත් පාසැල් 04 ක සිසුන් සහ කලුතර ටැන්ජරින් බීජ් හෝටලටයෙහි ලැගුම් ගත් සංචාරකින් සුරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරන ලදී.














ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත් පාලන ආයතන, පාසල්, හෝටල් ඇතුලු පාර්ශවකාර ආයතන පෙරහුරු අභ්‍යාසය සඳහා සහභාගී වේ. ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාමනිළධාරී කොට්ඨාශ 05 ක් ඇතුළත් වේ. ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන අතර 2025 නොවැම්බර් 5 වන දින පෙ.ව. 8:30 ට මෙම පෙරහුරු වැඩසටහන ආරම්භ වේ.
මෙම අභ්‍යාසය 2025 නොවැම්බර් 5 වන දින පවත්වනු ලබන අතර එය ඉල් පුර පසළොස්වක පොහොය දිනය වන බැවින් රජයේ නිවාඩු දිනයක් වේ. එබැවින්, මෙය යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන විශේෂ අභ්‍යාසයක් පමණක් වේ. එබැවින් මෙම වැඩසටහන පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
මෙම අභ්‍යාසය පැවැත්වෙන 2025 නොවැම්බර් 5 වන දින අභ්‍යාස කාලය තුළ සැබෑ සුනාමි තත්ත්වයක් ඇතිවුව හොත් එවැනි අවස්ථාවක, මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන වහාම නතර කරන බවත් එවැනි තත්ත්වයන් යටතේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත ජාතික ප්‍රොටෝකෝල සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව නිල ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් වහාම ක්‍රියාත්මක කිරීමට කරයුතු කරන අතර ඒ බව මහජනතාවට දැනුවත් කර ක්ෂණිකව මහජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට කටයුතු කරන බව තවදුරටත් දැනුම් දෙයි.




