Emergency Warnings

rss

WhatsApp Image 2025-09-15 at 1.26.26 PMආපදාවක් හෝ සුරක්ෂිත පාසල් ස්ථාපිත කිරීම ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන සෙන්දායි රාමුව අනුව ප්‍රමුඛතා ගතකොට ඇති අතර තිරසාර සංවර්ධනය ඉලක්ක යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහාද අත්‍යාවශ්‍ය වේ.

 ශ්‍රී ලංකාවේ රජයේ පාසල් අධ්‍යාපන කටයුතු වලට අමතරව ඡන්ද මධ්‍යස්ථන, විභාග මධ්‍යස්ථාන, ආපදාවකදී විපතට පත්වූවන්ට සුරක්ෂිත මධ්‍යස්ථාන වැනි පුජා මූල කාර්යයන් සඳහාද භාවිතා වන බැවින් පාසල් වල ආපදා අවදානම් තක්සේරු කිරීම ආපදා අවදානම් සුරක්ෂිත ප්‍රජාවක් ස්ථාපිත කිරීම සඳහා ද අතිශය වැදගත් වේ. ඒ අනුව පාසල් දරුවන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම, අඛණ්ඩ අධ්‍යාපන පසුබිමක් තහවුරු කිරීම, ආපදා සඳහා ප්‍රශස්තඡ යටිතල පහසුකම් දියුණුකර පාසල් සඳහා සම්පත් බෙදා හැරීම යන මුලික විෂයන්ට අදාලව තීරණ ගැනීම සඳහා පාදක වන පරිදි දිවයින පුරා ඇති රජයේ පාසල් 10120 ආවරණය වන ලෙස ගං වතුර, නාය යෑම්, නියඟය, සුනාම්, සුළි සුළං සහ අකුණු අනතුරු වැනි ආපදා සඳහා පාසල් ප්‍රජාවන්ගේ අවදානම් තත්ත්වය තක්සේරු කර පාසැල් ආපදා අවදානම් පැතිකඩ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ආපදා කලමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානයේ සහයොගීත්වයෙන් සකසා සමාජගත කිරීම 2025.09.15 වන දින ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයදී අදාල ප්‍රධාන පාර්ශවකාර ආයතනවල නියොජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

පාසැල් ආපදා අවදානම් පැතිකඩ පහත සබැදිය තුළි් භාගත කළ හැකිය.

https://www.dmc.gov.lk/images/pdfs/School%20Risk%20Index.pdf

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079