කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීනව ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම වෙනුවෙන් ප්‍රාදේශීය මටිටමින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (3/20) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත් විය.
මාර්තු මස 11 වන දින පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් ලබාදී ඇති උපදෙස් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සදහා වු වැඩපිළිවෙළක් සකස් කිරීමේ මුලික අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ආපදා අවදානම හදුනාගැනීම, පුර්ව අනතුරු ඇගවීම් පද්ධති සහ අවදානම තක්සේරු කිරීම සහ ඒ අනුව ආපදාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් යටිතල පහසුකම් සහ නාගරීකරණ සැලසුම් ප්‍රවර්ධනය කිරීම අධි ජනගනත්වයක් සහිත නාගරික ප්‍රදේශව වල මහජනතාවට සහ යටිතල පහසුකම් සහ පරිසරයට ආපදාවලින් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා ඉතා වැදගත් බව මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්වරයා පැවසීය.
එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සම්බන්ධ වී කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවම කිරීම සම්බන්ධව අධ්‍යයනයක් සිදු කර තිබෙන බවත් එහි ව්‍යාපෘති වාර්තාව ආපදා කළමනාකරණ මධයස්ථානයට ලබාදී ඇති බවත් පෙන්වා දෙන ලදී. එම ව්‍යාපෘති වාර්තාව තුළ හදුනාගත් ව්‍යාපෘති මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ගංවතුර අවදානම් අවම කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නව ව්‍යාපෘති හදුනාගෙන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම තවදුරටත් අවධාරණය කරන ලදී.
කොළඹ නගරයේ ගංවතුර අවධානම අවම කිරීම සදහා ආයතනික වගකීම් සහ ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡා කළ අතර නිශ්චිත ගංවතුර අවදානම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කරන ලදී.
කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම්, කොළඹ දිස්ත්‍රික් සියලු ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධ වු අතර ආපදා කළමානාකරණ අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුලු ආයතන නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.