හදිසි අනතුරු ඇඟවීම්

rss

Safety Day Cover

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැක. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.

එසේම 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.ඒ අනුව “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහතාගේ සහභාගීත්වයෙන් අද (12/26) දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී අද දින පැවැත්වුණා.

පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කටයුතු කළ අතර ඉන් අනතුරුව ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ සභාපති, පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාණ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් සිදු කළ අතර වැල්ලවත්ත හින්දු කෝවිලෙහි සපුනාන්ද කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කරන ලදී. රාජගිරිය ශාන්ත ස්ටෙෆන් පල්ලියෙහි බ්‍රයන් ප්‍රනාන්දු පියතුමා විසින් කිතුණු ආගමික වතාවත් ද ජාවත්ත මුස්ලිම් පල්ලියෙහි ඉෆ්‍රාස් මවුුලවීතුමා විසින් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කරන ලදී.

සුනාමි රළ පරහින් මෙරට සිදුවූ විනාශය වසර 20 ක් ගතවී ද අමතක කළ නොහැකි බවත් ඒ තුළින් උගත් පාඩම් තුළින් නැවත එවැනි ව්‍යවසන අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ආපදා කළමනාකරණය පිළිබඳව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් වෙන්වෙන් වශයෙන් දත්ත ලබා ගනිමින් වඩාත් ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කළ යුතු බවත් තමා විශ්වාස කරන බව මෙම අස්ථාවේ දී අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ආපදා කළමනාකරණය පිළිබඳ පළපුරුදු විශේෂඥ දැනුමැති පුද්ගල කණ්ඩායම් උපයෝගී කරගනිමින් බ්ම් මට්ටම දක්වා ආපදාවට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳ මහජනතාව සවිඥාණික පුද්ගල කණ්ඩායමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

එසේම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල තාක්ෂණයේ පවතින ඌණතාව මග හැරගනිමින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමට නම් මනා වූ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව එතුමා තවදුරටත් පෙන්වාදෙන ලදී. ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ගෝලීය වශයෙන් ක්‍රියාත්මක අනෙකුත් අනුපූරක රාමු හා ප්‍රතිපත්තීන්වලට අනුකූලව 2030 වර්ෂය වන විට සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත ආපදා කළමනාකරණ අරමුණු සඵල කර ගැනීමෙහිලා සියලු කණ්ඩායම්වල ඒකාබද්ධතාවය සහ කැපවීම අත්‍යාවශ්‍ය බවද එතුමා විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී.

සුනාමි ප්‍රමුඛ අනෙකුත් ස්වභාවික සහ මිනිසා විසින් නිර්මිත ආපදා කළමනාකරණය හා අවම කරගැනීම සදහා සියලුම ආකාරයේ පාර්ශවකාර ආයතනවල සහයෝගීතාවයේ වැදගත්කම මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පැවසීය. එසේම ඒ සඳහා සියලු පාර්ශව සහ වැඩසටහන් ඒකාබද්ධ කරගනිමින් කටයුතු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අපේක්ෂා කරන බවත් 2030 වර්ෂය වන විට සාක්ෂත් කරගැනීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් 153 ක් පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකාව ආපදාවලට ඔරෝත්තුදිය හැකි සුරක්ෂිත රටක් බවට පත්කිරීමෙහිලා මනා සූදානමක සහ කාලමනාකරණ ශක්‍යතාවය ලගාකර ගැනීමේ අවශ්‍යතාවය සහ ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරමින් සිටින බව මෙහි දී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල‍් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන් ඇතුලු ආයතන නිළධාරීන් සර්ව ආගමික වැඩසටහන සදහා සහභාගී විය. 

මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයන්හි සම්බන්ධීකරණයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් “ජාතික සුරක්ෂිත දිනය” සැමරුම් උත්සව සංවිධානය කෙරුනු අතර ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අසල දී ද සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාරකණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලද අතර සුනාමි ව්‍යසනයයෙන් මියගිය පිරිස අනුස්මරණය කරමින් ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කරන ලදී.

එසේම ආපදා ප්‍රත්‍යස්ථිත ප්‍රජාවක් - දශක දෙකක සුනාමි ප්‍රත්‍යවේක්ෂණය යන තේමාව යටතේ ජාතික තරුණ ප්‍රජාව සහ ස්වේච්ඡා කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන “අනාගත පරපුර සවිබල ගැන්වීම තුළින් ආපදා ප්‍රත්‍යස්ථතා සමාජයක් බිහි කිරීම” යන තේමාව යටතේ ජාතිත තරුණ සේවා සභාව යටතේ තරුණ තරුණියන් 150 ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවගේ කාර්යයභාරය පිළිබදව දැනුවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද කොළඹ දී සංවිධානය කරන ලදී. මීට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සමග ඒකාබද්ධව දිස්ත්‍රික් වශයෙන් ද තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ලදී.

 Safety Day 2024 11Safety Day 2024 9Safety Day 2024 13

Safety Day 2024 14Safety Day 2024 15Safety Day 2024 12

Safety Day 2024 16Safety Day 2024 17Safety Day 2024 7

Safety Day 2024 6Safety Day 2024 5Safety Day 2024 4

Safety Day 2024 2Safety Day 2024 18Safety Day 2024 1

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් “ජාතික සුරක්ෂිත දිනය” සැමරුම් උත්සව පැවැත් වූ ආකාරය 

මඩකලපුව දිස්ත්‍රික්කය

Safety Day  Ampara  1Safety Day  Ampara  2Safety Day  Ampara  3

Safety Day  Ampara  4Safety Day  Ampara  5Safety Day  Ampara  6

අනුරාධපුර දිස්ත්‍රික්කය

Safety Day Anuradhapura  2Safety Day Anuradhapura  4Safety Day Anuradhapura  3

බදුල්ල දිස්ත්‍රික්කය

Balulla Safety Day  3Balulla Safety Day  2Balulla Safety Day  1

අම්පාර දිස්ත්‍රික්කය

Batticaloa  3Batticaloa  1Batticaloa  2

කොළඹ දිස්ත්‍රික්කය

Colombo  3Colombo  1

ගාල්ල දිස්ත්‍රික්කය

Galle  5Galle  3Galle  4

හම්බන්තොට දිස්ත්‍රික්කය

Hambantota  2Hambantota  3Hambantota  1

යාපනය දිස්ත්‍රික්කය

jaffna  2jaffna  3jaffna  1

කලුතර දිස්ත්‍රික්කය

Kaluthara  1Kaluthara  2Kaluthara  3

කෑගල්ල දිස්ත්‍රික්කය

Kgalle  3Kgalle  1Kgalle  2

කිලිනොච්චි දිස්ත්‍රික්කය

Safert day 2024 Kilinochchi 1WhatsApp Image 2024-12-26 at 12.33.19WhatsApp Image 2024-12-26 at 12.33.26

කුරුණෑගල දිස්ත්‍රික්කය

Kurunegala  4Kurunegala  2

මන්නාරම් දිස්ත්‍රික්කය

Mannar  1Mannar  2Mannar  3

මාතර දිස්ත්‍රික්කය

Matara  2Matara  3Matara  1Matara 04

 මොනරාගල දිස්ත්‍රික්කය

IMG 5751IMG 5734IMG 5714

පොළොන්නරුව දිස්ත්‍රික්කය

Polonnaruwa 2Polonnaruwa 3Polonnaruwa 1

රත්නපුර දිස්ත්‍රික්කය

rathnapura  3rathnapura  1rathnapura  2

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

tincomalee  2tincomalee  3tincomalee  1

ගම්පහ දිස්ත්‍රික්කය

gampaha  2gampaha  1gampaha  3

අනාගත පරපුර සවිබල ගැන්වීම තුළින් ආපදා ප්‍රත්‍යස්ථතා සමාජයක් බිහි කිරීම” යන තේමාව යටතේ ජාතිත තරුණ සේවා සභාව යටතේ තරුණ තරුණියන් 150 ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවගේ කාර්යයභාරය පිළිබදව දැනුවත් දැනුවත් කිරීමේ වැඩසටහන

youth Programme 26  4youth Programme 26  5youth Programme 26  1

youth Programme 26  2youth Programme 26  3youth Programme 26  7

youth Programme 26  6youth Programme 26  8youth Programme 26  9

Youth Awareness Day 2024-12-26 1Youth Awareness Day 2024-12-26 2Youth Awareness Day 2024-12-26 2

Youth Awareness Day 2024-12-26 4Youth Awareness Day 2024-12-26 5Youth Awareness Day 2024-12-26 5

Youth Awareness Day 2024-12-26 6Youth Awareness Day 2024-12-26 6Youth Awareness Day 2024-12-26 9

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052