දිවයින වට මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.
අද දිනයේ (11/25) උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි. ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද දින උදෑසන කාලයේ (25) මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩනඅවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය අද දින (11/25)වනවිට ක්‍රිකුණාමටලය කී.මී. 530 ක් පමණ ගිණිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් නිවේදනය කර තිබේ. මෙම ක්‍රමයෙන් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවට නිවේදනයේ දක්වා ඇත.
මේ හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම්ස්ථානවලටමි.මී.150 ට වැඩි ඉතාතද වැසි ඇතිවිය හැකි බවත්උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලටමි.මී.100 ට වැඩිතද වැසි ඇති විය හැකි බවත්, උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය දින කීපයේ දී පැවති ආපදා තත්ත්වයන් සළකා බැලීමේ දී දැඩි වර්ෂාව හේතුවෙන් ජලගැලීම්, නායායාම්, කණ්ඩි කඩා වැටීම්, දැඩි සුළං, ගස් කඩාවැටීම් සිදුවීම් වාර්තා වී තිබෙනවා. ඒ අනුවදැනට වාර්තා වී ඇති දත්ත අනුව යාපනය, පුත්තලම, කෑගල්ල, මන්නාරම, කිලිනොච්චි සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල පවුල් 4,410 කට අයත් පුද්ගලයින් 16,287 ක් පීඩාවට පත් වී තිබෙනවා. නිවාස 60 කට අර්ධ හානි සිදු වී තිබේ. ඊට අමතරව පූර්ණ නිවාස හානි 01ක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මන්නාරම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි සුරක්ෂිත මධ්‍යස්ථාන 14 පවුල් 330 කට අයත් පුද්ගලයින් 1136 ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වල රැඳී ඉන්නවා. කාලගුණ අනාවැකි අනුව මෙම තත්ත්වය ඉදිරියේ දී වර්ධනය විය හැකි බව නිරීක්ෂණය වේ.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය, කඹුරුපිටිය අකුරැස්ස ප්‍රධාන මාර්ගය, මාලිම්බඩ වැල්ලෙතොට හරහා තිහගොඩ මාර්ගය, මාලිම්බඩ සිට කද්දුව මාර්ගය, කද්දුව සිට දම්පැල්ල මාර්ගය, කඹුරුපිය අකුරැස්ස මාර්ගය, මුලටියන කඹුරුපිටිය මාර්ගය, වැලිගම කනංකේ ප්‍රධාන මාර්ගය, ජඹුරගොඩ හරහා ඉමදූව මාර්ගය, කද්දුව - කඹුරුපිටිය, මාතර මාර්ගය සහ කද්දුව හරහා අතුරලිය අකුරැස්ස මාර්ගය පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව වාර්තා වී ඇත.
පස්සර - ලුණුගල - බිබිල මාර්ගයේ 13 කණුව අසල සිදුවූ නායයෑම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිරවි තිබුණි. නමුත් එහි එක් මංතීරුවක් පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා ගමනාගමනයට විවෘතව පවතී.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වා ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර අද දින මාතර දිස්ත්‍රික්කයේ උදෑසන විභාගය සඳහා පෙනී සිටීමට සිටි දරුවන්ට යුධ හමුදා යුනිකෝන් රථ භාවිතා කරමින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සළසාදී ඇත.
එසේම දිවයින වටා මුහුදුප්‍රදේශ විටින්විට රළු විය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. අද දින 23 වන විටත් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, අමිපාර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වල නොයෙදන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු අඟවා ඇත.
එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්අද දින (25/11) නිකුත් කරන ලද නිවේදනය සඳහා පිවිසෙන්න